නොරොච්චෝල, බී.කඳවුර, ආලංකුඩාව ප්‍රදේශයේ දී අද (19) බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරියට පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ උපතින්ම ආබාධ තත්ත්වයේ පසුවූ 43 හැවිරිදි කාන්තාවක්.
පසුගිය (18) වන දින රාත්‍රියේ සිය බාල සොහොයුරා නිවසට පැමිණිමට ප්‍රමාද වීම හේතුවෙන් කෝපයට පත් මව ඔහුට බැණවැදී තිබෙනවා.
ඊට කෝපයට පත්ව සිටි මෙම පුද්ගලයා නිවසේ නිදාගෙන සිටි ආබාධිත තත්ත්වයේ පසුවූ සිය වැඩිමල් සහෝදරියට පොල්ලකින් පහර දී පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පලාගිය සැකකාර බාල සහෝදරයාව ප්‍රදේශවාසීන් විසින් ලුහුබැද අල්ලා නොරොච්චෝල පොලිසියට භාරදීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් නොරොච්චෝල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.




