බාල සහෝදරයාගේ පොලු පහරින් වැඩිමහල් සහෝදරිය ජීවිතක්ෂයට

නොරොච්චෝල, බී.කඳවුර, ආලංකුඩාව ප්‍රදේශයේ දී අද (19) බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරියට පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ උපතින්ම ආබාධ තත්ත්වයේ පසුවූ 43 හැවිරිදි කාන්තාවක්.

පසුගිය (18) වන දින රාත්‍රියේ සිය බාල සොහොයුරා නිවසට පැමිණිමට ප්‍රමාද වීම හේතුවෙන් කෝපයට පත් මව ඔහුට බැණවැදී තිබෙනවා.

ඊට කෝපයට පත්ව සිටි මෙම පුද්ගලයා නිවසේ නිදාගෙන සිටි ආබාධිත තත්ත්වයේ පසුවූ සිය වැඩිමල් සහෝදරියට පොල්ලකින් පහර දී පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පලාගිය සැකකාර බාල සහෝදරයාව ප්‍රදේශවාසීන් විසින් ලුහුබැද අල්ලා නොරොච්චෝල පොලිසියට භාරදීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් නොරොච්චෝල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05