AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා A කණ්ඩායම තවත් ලකුණු 200ක් පසුපසින්

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු A කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය (17) අදයි.

ඊයේ (16) දිනයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට පන්දුවට පහරදීම අරඹා ඇති අතර දිනය නිමා වනවිට ඔවුන් කඩුලු 02ක් දැවී ලකුණු 134ක් ලබාගෙන සිටියා.

දකුණු අප්‍රිකානු A කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 334ක් පමණයි.

එහිදී Neil Brand ලකුණු 129ක් රැස් කිරීමට සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී එෂාන් මාලිංග සහ සොනාල් දිනූෂ කඩුලු 03 බැගින් බිඳ දැමූ අතර ඉසිත විජේසුන්දර කඩුලු 02ක් සහ එක් කඩුල්ල බැගින් නුවනිඳු ප්‍රනාන්දුටත් ජනිත් ලියනගේටත් හිමි වුණා.

ඒ අනුව තරගයේ පළමු ඉනිමෙන් පිතිකරණය ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වනවිට තවත් කඩුලු 08ක් අතැතිව ප්‍රතිවාදී පළමු ඉනිමට වඩා ලකුණු 200ක් පසුපසින් සිටිනවා.

කඩුල්ලේ රැඳී සිටින්නේ ළහිරු උදාර (61) සමගින් පසිඳු සූරියබණ්ඩාර (43) යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?