ශ්‍රී ලංකා A කණ්ඩායම තවත් ලකුණු 200ක් පසුපසින්

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු A කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය (17) අදයි.

ඊයේ (16) දිනයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට පන්දුවට පහරදීම අරඹා ඇති අතර දිනය නිමා වනවිට ඔවුන් කඩුලු 02ක් දැවී ලකුණු 134ක් ලබාගෙන සිටියා.

දකුණු අප්‍රිකානු A කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 334ක් පමණයි.

එහිදී Neil Brand ලකුණු 129ක් රැස් කිරීමට සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී එෂාන් මාලිංග සහ සොනාල් දිනූෂ කඩුලු 03 බැගින් බිඳ දැමූ අතර ඉසිත විජේසුන්දර කඩුලු 02ක් සහ එක් කඩුල්ල බැගින් නුවනිඳු ප්‍රනාන්දුටත් ජනිත් ලියනගේටත් හිමි වුණා.

ඒ අනුව තරගයේ පළමු ඉනිමෙන් පිතිකරණය ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වනවිට තවත් කඩුලු 08ක් අතැතිව ප්‍රතිවාදී පළමු ඉනිමට වඩා ලකුණු 200ක් පසුපසින් සිටිනවා.

කඩුල්ලේ රැඳී සිටින්නේ ළහිරු උදාර (61) සමගින් පසිඳු සූරියබණ්ඩාර (43) යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39