AFC Banner
Empty Ad
Empty Ad

පානදුර, හොරණ මාර්ගයේ අනතුරක් – එක් අයෙක්ට බරපතළයි

පෙර පාසල් නිමවූ මිණිබිරියව පාපැදියේ තබාගෙන නිවස කරා රැගෙන එමින් සිටි 75 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයකු, යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරෙන් වයෝවෘද්ධ පුද්ගලයා, කුඩා දැරිය සහ යතුරුපැදිකරු තුවාල ලබා පානදුර මූලික රෝහල වෙත ඇතුලත් ඇති බවයි අළුබෝමුල්ල පොලිසිය පවසන්නේ.

එහිදී බරපතළ තත්ත්වයේ සිටි වයෝවෘද්ධ පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවූ බව රෝහල් ප්‍රකාශකයකු පවසනවා.

පානදුර, හොරණ මාර්ගයේ පින් කොටුව ප්‍රදේශයේ දී මිණිබිරිය පාපැදියේ තබාගෙන මාර්ගය හරහා යමින් සිටිය දී පානදුර දෙස සිට අධික වේගයෙන් බණ්ඩාරගම දෙසට ගමන් ගත් යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බව සඳහන්.

අනතුරින් තුවාල ලබා ඇති මිණිබිරිය සහ වයෝවෘද්ධ පුද්ගලයා අළුබෝමුල ජනප්‍රිය මාවතේ පදිංචිකරුවන් වන අතර යතුරුපැදිකරු පානදුර එළුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරින් පාපැදියට සහ යතුරුපැදියේ ඉදිරි කොටසට අලාභ සිදු වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අළුබෝමුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?