පානදුර, හොරණ මාර්ගයේ අනතුරක් – එක් අයෙක්ට බරපතළයි

පෙර පාසල් නිමවූ මිණිබිරියව පාපැදියේ තබාගෙන නිවස කරා රැගෙන එමින් සිටි 75 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයකු, යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරෙන් වයෝවෘද්ධ පුද්ගලයා, කුඩා දැරිය සහ යතුරුපැදිකරු තුවාල ලබා පානදුර මූලික රෝහල වෙත ඇතුලත් ඇති බවයි අළුබෝමුල්ල පොලිසිය පවසන්නේ.

එහිදී බරපතළ තත්ත්වයේ සිටි වයෝවෘද්ධ පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවූ බව රෝහල් ප්‍රකාශකයකු පවසනවා.

පානදුර, හොරණ මාර්ගයේ පින් කොටුව ප්‍රදේශයේ දී මිණිබිරිය පාපැදියේ තබාගෙන මාර්ගය හරහා යමින් සිටිය දී පානදුර දෙස සිට අධික වේගයෙන් බණ්ඩාරගම දෙසට ගමන් ගත් යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බව සඳහන්.

අනතුරින් තුවාල ලබා ඇති මිණිබිරිය සහ වයෝවෘද්ධ පුද්ගලයා අළුබෝමුල ජනප්‍රිය මාවතේ පදිංචිකරුවන් වන අතර යතුරුපැදිකරු පානදුර එළුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරින් පාපැදියට සහ යතුරුපැදියේ ඉදිරි කොටසට අලාභ සිදු වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අළුබෝමුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10