අගෝස්තු මස දක්ෂතම ක්‍රීඩිකාව හර්ෂිතා !

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ප්‍රකාශිත 2024 වසරේ අගෝස්තු මාසයේ දක්ෂතම කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ ක්‍රීඩිකා හර්ෂිතා සමරවික්‍රම හට හිමි ව තිබෙනවා.

මෙම සම්මානයට තවත් ක්‍රීඩිකාවන් දෙදෙනකුගේ නම් යෝජනා වී තිබූ අතර ඒ අතර අයර්ලන්ත ක්‍රීඩිකාවන් දෙපළක් වන Orla Prendergast සහ Gaby Lewis සිටියා.

ඔවුන් අතරිනුයි හර්ෂිතාව ICC විසින් අගෝස්තු මාසයේ දී නැගී එන ක්‍රීඩිකාව බවට සම්මානිත කර ඇත්තේ.

දක්ෂ වමත් පිතිකාරිණියක් වන හර්ෂිතා ශූරයින් බවට පත් වෙමින් පසුගිය දා නිමාවට පත් වූ ආසියානු කුසලානය සේම අයර්ලන්ත තරගාවලියේ ද විශිෂ්ට ලෙස දස්කම් දැක්වීමට සමත් වුණා.

මෙම වසරේ ICC යෙන් තෝරාගත් මැයි සහ ජූලි මාස ද්විත්වයෙහි ම ක්‍රීඩිකාව ද ලෙස සම්මානයට පාත්‍ර වූයේ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් වන අතර ඇය නායිකා චමරි අතපත්තුයි.

ඒ අනුව චමරිගෙන් පසුව හර්ෂිතා පළමු වරට මෙම සම්මානයට මෙම වසරේ දී හිමිකම් කීමට සමත් වීම ද විශේෂත්වයක්.

එක්දින හා ටී20 තරග ආකෘති ද්විත්වයේ දී ම සහ පන්දු රැකීම අතින් ද හර්ෂිත මාධවී සමරවික්‍රම මෙම සම්මානයට නිර්දේශ වීමටත් එය දිනාගැනීමටත් හේතු සාධක සැපයූවා.

ජූලි මස අවසානයේ පැවති කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ඉන්දියාවට එරෙහිව නොදැවී ලකුණු 69ක් ලබා ගැනීම, ඩබ්ලින් නුවර දී අයර්ලන්තයට එරෙහිව නොදැවී ලකුණු 86ක් ලබා ගැනීමත් සහ එම තරගාවලිය අවසානයේ දී වැඩිම ලකුණුලාභියා වීම ද හර්ෂිතා සමරවික්‍රම සතු වුණා.

අයර්ලන්තයට එරෙහිව පැවති දෙවැනි එක්දින තරගයේ දී හර්ෂිතා ලබාගත් ශතකය, චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්නට පසුව එක්දින ශතකයක් රැස් කළ තෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩිකාව බවට ද ඇය පත් වීම මෙහි මෙම සම්මානය ඇයට හිමිවීමට බලපෑ තවත් හේතුවක්.

මෙම සම්මානය තමන්ට හිමිවීම ගැන හර්ෂිතා පවසා ඇත්තේ;

“මෙම සම්මානය ගැන මම අතිශයින් සතුටු වෙමි, එය මගේ වෘත්තීය ජීවිතයේ නව ඉහළ තලයක් ලෙස සලකමි. එය නිසැකවම මට එළඹෙන විශාල තරගයක් වන කාන්තා T20 ලෝක කුසලානයට පෙර දැඩි විශ්වාසයක් ලබා දෙන්නක්.. මා වටා සිටින ඇදහිය නොහැකි සවි ශක්තිය ලබාදෙන මගේ කණ්ඩායමේ සගයන්, පුහුණුකරුවන්, දෙමාපියන්, මගේ සහෝදරිය, සහෝදරයා, මිතුරන් සහ උපදේශකයින්. ඔවුන් සැමට ස්තුති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි. මා සමඟින් මාසයේ ක්‍රීඩිකාව සම්මානය සඳහා නිර්දේශ වූ ක්‍රීඩිකාවන් ඇගයීමට ද මම කැමැත්තෙමි. ඔවුන් අතිවිශාල දක්ෂතා ඇති අය වන අතර, මම එවැනි ගුණාත්මකභාවයකින් ඔවුන් සමග තරග කිරීමට ප්‍රිය වෙමි..” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?