අගෝස්තු මස දක්ෂතම ක්‍රීඩිකාව හර්ෂිතා !

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ප්‍රකාශිත 2024 වසරේ අගෝස්තු මාසයේ දක්ෂතම කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ ක්‍රීඩිකා හර්ෂිතා සමරවික්‍රම හට හිමි ව තිබෙනවා.

මෙම සම්මානයට තවත් ක්‍රීඩිකාවන් දෙදෙනකුගේ නම් යෝජනා වී තිබූ අතර ඒ අතර අයර්ලන්ත ක්‍රීඩිකාවන් දෙපළක් වන Orla Prendergast සහ Gaby Lewis සිටියා.

ඔවුන් අතරිනුයි හර්ෂිතාව ICC විසින් අගෝස්තු මාසයේ දී නැගී එන ක්‍රීඩිකාව බවට සම්මානිත කර ඇත්තේ.

දක්ෂ වමත් පිතිකාරිණියක් වන හර්ෂිතා ශූරයින් බවට පත් වෙමින් පසුගිය දා නිමාවට පත් වූ ආසියානු කුසලානය සේම අයර්ලන්ත තරගාවලියේ ද විශිෂ්ට ලෙස දස්කම් දැක්වීමට සමත් වුණා.

මෙම වසරේ ICC යෙන් තෝරාගත් මැයි සහ ජූලි මාස ද්විත්වයෙහි ම ක්‍රීඩිකාව ද ලෙස සම්මානයට පාත්‍ර වූයේ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් වන අතර ඇය නායිකා චමරි අතපත්තුයි.

ඒ අනුව චමරිගෙන් පසුව හර්ෂිතා පළමු වරට මෙම සම්මානයට මෙම වසරේ දී හිමිකම් කීමට සමත් වීම ද විශේෂත්වයක්.

එක්දින හා ටී20 තරග ආකෘති ද්විත්වයේ දී ම සහ පන්දු රැකීම අතින් ද හර්ෂිත මාධවී සමරවික්‍රම මෙම සම්මානයට නිර්දේශ වීමටත් එය දිනාගැනීමටත් හේතු සාධක සැපයූවා.

ජූලි මස අවසානයේ පැවති කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ඉන්දියාවට එරෙහිව නොදැවී ලකුණු 69ක් ලබා ගැනීම, ඩබ්ලින් නුවර දී අයර්ලන්තයට එරෙහිව නොදැවී ලකුණු 86ක් ලබා ගැනීමත් සහ එම තරගාවලිය අවසානයේ දී වැඩිම ලකුණුලාභියා වීම ද හර්ෂිතා සමරවික්‍රම සතු වුණා.

අයර්ලන්තයට එරෙහිව පැවති දෙවැනි එක්දින තරගයේ දී හර්ෂිතා ලබාගත් ශතකය, චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්නට පසුව එක්දින ශතකයක් රැස් කළ තෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩිකාව බවට ද ඇය පත් වීම මෙහි මෙම සම්මානය ඇයට හිමිවීමට බලපෑ තවත් හේතුවක්.

මෙම සම්මානය තමන්ට හිමිවීම ගැන හර්ෂිතා පවසා ඇත්තේ;

“මෙම සම්මානය ගැන මම අතිශයින් සතුටු වෙමි, එය මගේ වෘත්තීය ජීවිතයේ නව ඉහළ තලයක් ලෙස සලකමි. එය නිසැකවම මට එළඹෙන විශාල තරගයක් වන කාන්තා T20 ලෝක කුසලානයට පෙර දැඩි විශ්වාසයක් ලබා දෙන්නක්.. මා වටා සිටින ඇදහිය නොහැකි සවි ශක්තිය ලබාදෙන මගේ කණ්ඩායමේ සගයන්, පුහුණුකරුවන්, දෙමාපියන්, මගේ සහෝදරිය, සහෝදරයා, මිතුරන් සහ උපදේශකයින්. ඔවුන් සැමට ස්තුති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි. මා සමඟින් මාසයේ ක්‍රීඩිකාව සම්මානය සඳහා නිර්දේශ වූ ක්‍රීඩිකාවන් ඇගයීමට ද මම කැමැත්තෙමි. ඔවුන් අතිවිශාල දක්ෂතා ඇති අය වන අතර, මම එවැනි ගුණාත්මකභාවයකින් ඔවුන් සමග තරග කිරීමට ප්‍රිය වෙමි..” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21