කිවි සටනට එක් වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ (නිවේදනය)

සංචාරක නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක් වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩක සංචිතය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් අද (16) දිනයේ දී නිකුත් කරමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය ලත් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට නම් කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි ධනංජය ද සිල්වා විසින් මෙහෙයවනු ලබනවා.

ඉන් අනතුරුව දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඕෂධ ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, ජෙෆ්‍රි වැන්ඩර්සේ සහ මිලාන් රත්නායක ඊට ඇතුළත්.

මෙම ටෙස්ට් තරගාවලිය එළඹෙන 18 වැනි දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පෙරවරු 10ට ආරම්භ වනු ඇති.

එමෙන්ම තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා ලෝලීන් හට නොමිලේ නැරඹීමේ අවස්ථාව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සලසා ඇති බවටයි පසුගියදා (13) නිවේදනය කර තිබුණේ.

නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය ටිම් සවුති විසින් හොබවනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12