AFC Banner
Empty Ad
Empty Ad

පුතුගේ පහරින් පියා මරුට

පුත්‍රයෙකු විසින් සිය 60 හැවිරිදි පියාව ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය සිදුව ඇත්තේ; අද (10) අලුයම් කාලයේ දී තණමල්විල – බෝදාගම ප්‍රදේශයේ දී බවයි වාර්තා වන්නේ.

ඝාතකයා 25 හැවිරිදි තරුණයෙකු බවත් මියගිය පුද්ගලයා ජයසේන නමැති අයෙකු බවත්; හෙතෙම ඝාතකයාගේ පියා බවත් හෙළි ව තිබෙනවා.

මරණකරු දෙදරු පියෙකු වන අතර ඔහුගේ ඝාතනය සිදු ව ඇත්තේ පොල්ලකින් හා මිටියකින් සිදු කළ පහරදීමක් බවයි හෙළි ව ඇත්තේ.

මෙම ඝාතනයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඝාතකයාව පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
5
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?