AFC Banner
Empty Ad
Empty Ad

ඡන්දෙට පාසල් වැහෙන්නෙත් ඇරෙන්නෙත් මෙහෙමයි – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් (නිවේදනය)

සැප්තැම්බර් මස 21 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වීම හේතුවෙන් දිවයිනේ සියලුම රජයේ හා රජයේ නොවන පාසල් වසා දැමීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ අංක EC/ADM/PRE/2024 සහිත 2024.09.09 දිනැති ලිපිය මගින් ඉල්ලා ඇති පරිදි දිවයිනේ සියලුම පාසල් සැප්තැම්බර් මස 20 දින වසා තැබෙන බවයි.

එසේ වසා දැමෙන සියලු ම පාසල් සැප්තැම්බර් මස 23 වැනි දින යළිත් ආරම්භ කෙරෙන බව ද නිවේදනයේ දැක්වෙනවා.

තව ද ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් මස 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදි අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබාදීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුම්වත් කර ඇති බවත්;ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පහත සඳහන් පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

2024 09 09 2 press scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
19
+1
1
+1
4
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවුණ බිහිසුණු අනතුර
01:20
Video thumbnail
breaking news
01:56
Video thumbnail
ස්තූතියි නුගේගොඩ - මේක තමයි මිනිස්සුන්ට තියෙන පිපාසය#akd #npp #anurakumaradissanayake
02:02
Video thumbnail
හිරුණිකා මැද කොළඹ දෙවනක් කළ කතාව - ඒ කටේ සද්දෙනම් ඉවරයක් නෑ#hirunika_premachandra #sjb
02:56
Video thumbnail
අවසන් මැතිවරණ රැළියේ සජිත් ප්‍රේමදාස කළ සුපිරි කතාව #sajithpremadasa
06:28
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාෂයක්#election2024
01:48
Video thumbnail
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සහභාගීවන මහා ජන රැලිය කොට්ටාවේ සිට සජීවීව
01:25:20
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49

?