AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රධාන මාර්ගයේ විසිරී ඇදවැටුණු ලී කොටන්

ලොරි රථයක ප්‍රවාහනය කළ දැව ප්‍රධාන මාර්ගය හරහා ඇද වැටීමෙන් රථ වාහන ගමනාගමනයට බාධා සිදුවීමේ පුවතක් හැටන් – නෝර්වුඩ් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; දැව තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක දැව ප්‍රධාන මාර්ගය හරහා වැටීමෙන් හැටන් – බගවන්තලාව, මස්කෙළිය – බලංගොඩ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.

මෙම මාර්ගය අවහිර වීම හේතුවෙන් නෝර්වුඩ් පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන් වාහන නිසි පරිදි එම ස්ථානයෙන් ප්‍රවේසම්කාරී ව ගමන් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයේ දී බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කිතුල්ගල සිට මස්කෙලිය දක්වා දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී ලොරි රථයේ දැව ගැට ගසා තිබූ ආධාරකයක් ගැලවී යාමෙන් ලොරි රථයේ තිබූ දැවවලින් විශාල කොටසක් ප්‍රධාන මාර්ගය හරහා විසිරී යාමෙන්
අද (09) දින පස්වරු 2 සිට 3 දක්වා පැයකට ආසන්න කාලයක් එම මාර්ගයේ ගමනාගමනය ඇනහිට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?