අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන හැටි

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් එළඹෙන සදුදා (19) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය  මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කෙරෙන බවය.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා,

“අප්‍රේල් 19 වනදා මුළු රටේම පාසල් සියලුම ශ්‍රේණි විවෘත වෙනවා. බස්නාහිර පළාත ඇතුළුව. පෙරපාසල්, පෞද්ගලික පාසල් ද නව වසරේ අප්‍රේල් 19 ආරම්භ වනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?