AFC Banner
Empty Ad
Empty Ad

මන්ත්‍රී මුජිබර් රහ්මාන්ගෙන් රහස් පොලිසියට පැමිණිල්ලක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුද්ගලයෙක් හරහා, තමා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙකු බවට ප්‍රකාශයක් ලබාගැනීමට යම් පිරිසක් කටයුතු කර ඇති බවට පවසමින් මන්ත්‍රීවරයා මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

බන්ධනාගාරගතව සිටින පුද්ගලයාට යම්කිසි බලපෑමක් සිදුකර තමන් වෙත චෝදනා එල්ල කිරීමට උත්සාහ කර ඇති බව අදාළ පැමිණිල්ල මඟින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර බන්ධනාගාර ගතව සිටින අදාළ පුද්ගලයාගේ නීතිඥවරුන් ද අද (06) දිනයේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?