මන්ත්‍රී මුජිබර් රහ්මාන්ගෙන් රහස් පොලිසියට පැමිණිල්ලක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුද්ගලයෙක් හරහා, තමා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙකු බවට ප්‍රකාශයක් ලබාගැනීමට යම් පිරිසක් කටයුතු කර ඇති බවට පවසමින් මන්ත්‍රීවරයා මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

බන්ධනාගාරගතව සිටින පුද්ගලයාට යම්කිසි බලපෑමක් සිදුකර තමන් වෙත චෝදනා එල්ල කිරීමට උත්සාහ කර ඇති බව අදාළ පැමිණිල්ල මඟින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර බන්ධනාගාර ගතව සිටින අදාළ පුද්ගලයාගේ නීතිඥවරුන් ද අද (06) දිනයේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරු අල්ලන එක ඉස්සරහට දාලා දේශපාලන පළිගැනීම් කරනවා
07:13
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි - උඹට කවුද දුන්නේ ?ගණන් කරපන්
01:35
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරනවට රටේ ඉන්න තරුණයන් විරුද්ධයි
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.04
08:27:07
Video thumbnail
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
02:27
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:54
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
03:59
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා - එතකොට බලාගන්නම්
02:48
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39