මෙරටට පැමිණෙන විදේශිකයින් සීමා කිරීමේ තීරණයක්

විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළයාම නිසා විදෙස් රටවල සිට පැමිණෙන්නන් සීමා කිරීමක්, පාලනය කිරීමක් , සිදුකිරීමට වන බව වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

මේ අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත නොවුනහොත් ඊට එරෙහිව නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම්.ආනල්ඩ් සඳහන් කරන්නේ.

ඊට අදාළව සෞඛ්‍ය අමාත්‍යාශය නිකුත් කළ නිවේදනය පහතින්

මෙරටට පැමිණෙන විදේශිකයින් අතර කොවිඩ් – 19 රෝගීන් වාර්තාවීම ඉහළයාම හේතුවෙන්, මෙරටට පැමිණෙන විදේශිකයින් කළමණාකරණය කිරීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

මේ පිළිබද වැඩිදුරටත් අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා – “2021 වසරේ දී මෙරටින් කොවිඩ් රෝගීන් 52,710 ක් වාර්තා වී තිබෙනවා. ඉන් 1593 ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධානයනය වෙමින් සිටිය දී හදුනාගත් රෝගීන් වෙනවා. ඒ අනුව විදෙස් රටවල සිට පැමිණි අය අතර, රෝගීන් වැඩිවීමක් අපට දැකගත හැකි වෙනවා.

උදාහරණයක් ලෙස අප්‍රේල් මාසයේ මේ වන විට අප රට තුලින් හමු වූ රෝගීන් 3480 දෙනාගෙන් 538 ක්ම විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයයි.

මැදපෙරදිග සහ යුරෝපයේ සිට පැමිණෙන අයත් මේ අතරට ඇතුලත් වෙනවා. මෙම තත්ත්වය තුල විදෙස් රටවල සිට පැමිණෙන අය අප රට තුල කළමණාකරණය කිරිම පිළිබද අපට නැවතත් සමාලෝචනය කිරීමට සිදුවී තිබෙනවා.

ලෝකයේ රටවල්වල කොවිඩ් රෝගය රැළි වශයෙන් ව්‍යාප්ත විම නිසා රටවල් සංවරණ සීමා දැඩි කිරීමටත්, සමහර රටවල් ගුවන් ගමන් සම්පුර්ණයෙන් නවතා දැමීමටත් කටයුතු කර තිබෙනවා.

මෙවැනි තත්ත්වයක් තුල අප රට තුල යම් කිසි තත්ත්වයකින් සාධනීය තත්ත්වයක් අපි උදාකරගෙන කොවඩ්-19 රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සදහා කටයුතු කරනවා.

එම තත්ත්වය එම අයුරින්ම පවත්වාගෙන යාම සදහා වෛරසය සමාජය තුලට ඇතුලු වී ඇතිවිය හැකි හානිකාරි තත්ත්වය අවම කර ගැනීම සදහා අප රටට විදේශ රටවල සිට පැමිණෙන පිරිස් යමි කිසි විදියකින් සිමා කිරීමක්, පාලනය කිරිමක්, කිරිමට අපට සිදු වෙනවා.”

“සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත නොවුන හොත් ඊට එරෙහිව තිතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරිමට සිදුවනවා” – නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය එස්.එම් ආනල්ඩ් මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය එස්.එම් ආනල්ඩ් මහතා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සිංහල හින්දු අළුත් අවුරුදු සමය සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කිරීමෙන් බලාපොරොත්තු වුයේ උත්සව සමයේ වෛරසයේ පැතිරිම වැළැක්වීමට පියවර ගැනීම බවයි.

නමුත් ඇතැම් පිරිස් සහ ඇතැම් ස්ථානවල  සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකොට මෙම රෝගය බෝවන තැනට කටයුතු කරන බව පෙනී ගොස් ඇති බැවින් ඉදිරියේ දී වෛරයේ ව්‍යාප්තියක් ඇතිවිය හැකි බවත්, ඉදිරියේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව වගකීමෙන් යුතුව ජනතාව කටයුතු නොකළහොත් ඊට එරෙහිව නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමට සිදු වන බව ද පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර නෙමෙයි කවුරු ආවත් මේ රට නම් හදන්න බෑ
05:51
Video thumbnail
තම පියා බුදු දහමට දුන්න ස්ථාවරත්වය කියන සජිත්..සංඝ රත්නය සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන මුර දේවතාවන්
02:56
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයේ ඕනෑ තරම් ඉන්ධන ?.. ප්‍රදේශ රැසකට තෙල් ප්‍රවාහනය වන අයුරු
01:17
Video thumbnail
තෙල් තියෙනවා..පාරිභෝගිකයෝ තමයි බයවෙලා ඉන්නේ..පිළිමතලාවේ දිගු ඉන්ධන පෝළිම්
02:32
Video thumbnail
ඊයේ යුද්ධයක් ආවා කියලා අද ලංකාවේ තෙල් නැතිවෙන්නේ නෑ
05:05
Video thumbnail
නැවත QR ක්‍රමයට යන්න වෙනවා..?
04:14
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන මිහින්තලේ හිමි ඉදිරියේ කළ ප්‍රබල හෙළිදරව්ව..කාදිනල් හිමිටත් කරපු ලොකු අගෞරවයක්
07:29
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24
Video thumbnail
සලේ ගැන ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
13:33
Video thumbnail
ශම්මිට, රාජාංගනයේ හිමි සැරටම අමතයි..මූ ඉන්න ඕනේ හිරේනේ තොපිට ලැජ්ජා නැද්ද...?
04:28