AFC Banner
Empty Ad
Empty Ad

දසත නිව්ස් නිල ලාංඡනය භාවිත කරමින් අසත්‍ය තොරතුරු පළ කිරීමේ සූක්ෂ්ම මෙහෙයුමක් – නො රැවටෙන්න! (ඡායාරූප)

මෙරට සුප්‍රසිද්ධ ගායන – වාද්‍ය වෘන්දයක් වන ‘මේරියන්ස්’ (Marians) සංගීත කණ්ඩායම පිළිබඳ ව පළ වන ඇතැම් දේශපාලනික සබැඳියාවක් පවතින සිද්ධි දාමය සම්බන්ධයෙන් ‘දසත’ ප්‍රවෘත්ති අංශය වන අප විසින් ද මුහුණුපොත හරහා පෝස්ටුවක් පළ කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

නමුත් මෙරට ඩිජිටල් මාධ්‍ය අවකාශයේ ප්‍රවෘත්තිමය සහ කාලීන සිදුවීම් සම්බන්ධයෙන් පවතින වැඩිම සමාජ මාධ්‍ය (ෆේස්බුක්) ගිණුමකට හිමිකම් කියන අප මාධ්‍ය ආයතනයෙන් කිසිදු ලෙසකින් අසත්‍ය තොරතුරු සමාජගත කිරීමට උත්සාහයක් නොගන්නා අතර ‘මේරියන්ස්’ කණ්ඩායම පිළිබඳ කිසිදු පුවතක් පළ කර නොමැති බවට ද සහෘද පරිශීලකයින්ට මෙමගින් දැනුම්දීමට තීරණය කර ඇත්තෙමු.

එබැවින් පහත දැක්වෙන පෝස්ටුව කිසියම් කණ්ඩායමක් විසින් අසත්‍ය ප්‍රචාරණය සහ ඔවුන්ගේ සුඛ විහරණය උදෙසා සාවද්‍ය ප්‍රවෘත්ති සමාජගත කිරීමට පුහු වෑයමක නිරත වන අතර; ඊට දසත ලංකා ප්‍රවෘත්ති අංශයේ නිල ලාංඡනය සහ හැඩතල යොදා ගෙන ඇති බවට ද පෙනෙන්නට ඇත.

ඒ අනුව මේරියන්ස් සම්බන්ධයෙන් අප ආයතනයෙන් කිසිදු ප්‍රවෘත්තියක් පළ කර නොමැති බවට මෙමගින් නිල වශයෙන් නිවේදනය කිරීමට කටයුතු කරන අතර; යම් තොරතුරක නිරවද්‍යභාවය තහවුරු කරගැනීමට පරිශීලක ඔබට අවශ්‍ය නම් දසත නිව්ස් අප නිල වෙබ් අඩවිය වෙත පහත දිගුවෙන් https://dasathalankanews.com/ එක් වන ලෙසට ද ඉල්ලා සිටීමට අපි කැමැත්තෙමු..

දසත ප්‍රවෘත්ති අංශයේ නිල ලාංඡනය භාවිත කරමින් වෙනත් පාර්ශ්වයක් විසින් පළ කරන ලද අසත්‍ය පෝස්ටුව පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
6
+1
3
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවුණ බිහිසුණු අනතුර
01:20
Video thumbnail
breaking news
01:56
Video thumbnail
ස්තූතියි නුගේගොඩ - මේක තමයි මිනිස්සුන්ට තියෙන පිපාසය#akd #npp #anurakumaradissanayake
02:02
Video thumbnail
හිරුණිකා මැද කොළඹ දෙවනක් කළ කතාව - ඒ කටේ සද්දෙනම් ඉවරයක් නෑ#hirunika_premachandra #sjb
02:56
Video thumbnail
අවසන් මැතිවරණ රැළියේ සජිත් ප්‍රේමදාස කළ සුපිරි කතාව #sajithpremadasa
06:28
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාෂයක්#election2024
01:48
Video thumbnail
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සහභාගීවන මහා ජන රැලිය කොට්ටාවේ සිට සජීවීව
01:25:20
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49

?