AFC Banner
Empty Ad
Empty Ad

සුප්‍රසිද්ධ රන් භාණ්ඩ අධිපතිවරයෙකු ඝාතනය කළ චූදිතයාට මරණ දඬුවම හිමිවෙයි

රන් ආභරණ ව්‍යාපාරයේ යෙදී සිටි කෝටිපති ව්‍යපාරිකයකු පැහැරගෙන ගොස් ⁣ඔහුගේ රන් ආභරණ තොගයක් සහ ලක්ෂ 33ක මුදලක් කොල්ලකා එම පුද්ගලයාගේ ගෙල සිරකර මරා දැමු 41 හැවිරිදි පුද්ගලයෙකු වරදකරු කරමින්; කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (04) චූදිතයාට මරණීය දණ්ඩනය නියම කළා.

2012 ඔක්තෝබර් 30 වැනිදා පිට⁣කොටුවේ රාජා ජුවලර්ස් අධිපති සින්නදොරේ සුරේකා රාජා නමැති රන් ආභරණ ව්‍යාපාරිකයාව ඔහුගේ වාහනය සමගම පැහැරගෙන ගොස් පුස්සැල්ල ප්‍රදේශයේ දී චූදිතයා විසින් මරා දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා ගොනු කර නඩු පැවරූ අතර දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.

විත්තිකරුව පළමු වරදට වරදකරු කළ මහාධිකරණ විනිසුරුවරයා මරණීය දණ්ඩනය නියම කළ අතර දෙවැනි වරදට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා.

ඊට අමතරව රුපියල් 10,000ක දඩයක් ගෙවීමට ද නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
13
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවුණ බිහිසුණු අනතුර
01:20
Video thumbnail
breaking news
01:56
Video thumbnail
ස්තූතියි නුගේගොඩ - මේක තමයි මිනිස්සුන්ට තියෙන පිපාසය#akd #npp #anurakumaradissanayake
02:02
Video thumbnail
හිරුණිකා මැද කොළඹ දෙවනක් කළ කතාව - ඒ කටේ සද්දෙනම් ඉවරයක් නෑ#hirunika_premachandra #sjb
02:56
Video thumbnail
අවසන් මැතිවරණ රැළියේ සජිත් ප්‍රේමදාස කළ සුපිරි කතාව #sajithpremadasa
06:28
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාෂයක්#election2024
01:48
Video thumbnail
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සහභාගීවන මහා ජන රැලිය කොට්ටාවේ සිට සජීවීව
01:25:20
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49

?