කෘත්‍රිම බුද්ධිය පිළිබඳව ගුරුවරුන් 7,500ක් පුහුණු කිරීමට සැරසෙයි

රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳව ගුරුවරුන් 7,500ක් පුහුණු කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඩිජිටල් පරිවතනය ඉතා වැදගත් අංගයක් ලෙස ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මඟින් හඳුනාගනු ලැබ ඇති අතර, ඒ සඳහා කෘත්‍රීම බුද්ධිය හා නව තාක්ෂණයන් යොදාගැනීම පිණිස රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාව ලබාගැනීම දිරිමත් කර ඇති බවයි රජය පවසන්නේ.

ඒ, අනුව තොරතුරු තාක්ෂණය, මෙකාට්‍රොනික්ස් සහ රොබෝ තාක්ෂණය වැනි ප්‍රායෝගික පාඨමාලා පැවැත්වීම සම්බන්ධයෙන් පළපුරුදු ආයතනක් වන Skills College of Technology (SCOT CAMPUS) ආයතනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව, ව්‍යාපෘති නියාමන ව්‍යාපෘතියක් සාර්ථකව සිදුකර තිබෙනවා.

ඒ අනුව, තොරතුරු තාක්ෂණය, ජෛව තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව, ගණිතය ඇතුළත්ව STEAM සංකල්පයට අදාළව සියලුම පළාත් ආවරණය වන පරිදි තෝරා ගත් පාසල්වල ගුරුවරුන් 7,500ක් අදියර තුනක් යටතේ Skills College of Technology (SCOT CAMPUS) ආයතනය මඟින් පුහුණු කිරීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
රටට සුබයි කිව්වා විතරයි අකුරැස්ස යටවුණා
04:07
Video thumbnail
ජනපති කිව්ව 4G කුළුණු ගැන නලින්ද හෙළිකරයි - 4G කතා කරලා ඒකේ Update එකක් විදියට 5Gවලට අපි යන්නේ
03:06
Video thumbnail
24 වැනිදාට පස්සේ හරිනි අවලංගු කාසියක්
04:15
Video thumbnail
පළතුරු උස්සගෙන ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය වටලපු වෙළෙන්දෝ - හිතුමනාපෙට පීඩන කරනවා වෙළෙඳුන්ට
06:43