කෘත්‍රිම බුද්ධිය පිළිබඳව ගුරුවරුන් 7,500ක් පුහුණු කිරීමට සැරසෙයි

රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳව ගුරුවරුන් 7,500ක් පුහුණු කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඩිජිටල් පරිවතනය ඉතා වැදගත් අංගයක් ලෙස ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මඟින් හඳුනාගනු ලැබ ඇති අතර, ඒ සඳහා කෘත්‍රීම බුද්ධිය හා නව තාක්ෂණයන් යොදාගැනීම පිණිස රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාව ලබාගැනීම දිරිමත් කර ඇති බවයි රජය පවසන්නේ.

ඒ, අනුව තොරතුරු තාක්ෂණය, මෙකාට්‍රොනික්ස් සහ රොබෝ තාක්ෂණය වැනි ප්‍රායෝගික පාඨමාලා පැවැත්වීම සම්බන්ධයෙන් පළපුරුදු ආයතනක් වන Skills College of Technology (SCOT CAMPUS) ආයතනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව, ව්‍යාපෘති නියාමන ව්‍යාපෘතියක් සාර්ථකව සිදුකර තිබෙනවා.

ඒ අනුව, තොරතුරු තාක්ෂණය, ජෛව තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව, ගණිතය ඇතුළත්ව STEAM සංකල්පයට අදාළව සියලුම පළාත් ආවරණය වන පරිදි තෝරා ගත් පාසල්වල ගුරුවරුන් 7,500ක් අදියර තුනක් යටතේ Skills College of Technology (SCOT CAMPUS) ආයතනය මඟින් පුහුණු කිරීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19