මෙරට නිෂ්පාදිත වෙරළාරක්ෂක මුර යාත්‍රා දෙකක් මෙහෙයුම් කටයුතු අරඹයි

වැලිසර නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගණයේ දී නිෂ්පාදනය කරන ලද වායුසමීකරණ පහසුකම් සහිත ‘වේව් රයිඩර් වර්ගයේ’ වෙරළාරක්ෂක මුර යාත්‍රා දෙකක් (Accommodation type Wave Rider IPCs – P 265 and P 266) මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම ඊයේ (02) සිදු කෙරුණා.

ඒ වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් කල්පිටිය ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේ ජැටියේ දීයි.

නාවික හමුදා තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් නිෂ්පාදිත වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ වැඩි කාලයක් මුහුදේ රාජකාරී කිරීමට හැකි වන පරිදි නිෂ්පාදිත මෙම වායුසමීකරණ පහසුකම් සහිත වේව් රයිඩර් වර්ගයේ වෙරළාරක්ෂක මුර යාත්‍රා මගින්, වයඹ මුහුදු ප්‍රදේශය ඔස්සේ සිදුවන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම, භාණ්ඩ ජාවාරම සහ නිතී විරෝධී ධීවර කටයුතු ඇතුළු නීතිවිරෝධී කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට අවස්ථාව උදා වන බවයි නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ.

මෙම අවස්ථාව සඳහා වයඹ නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් හා නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත්
01:44
Video thumbnail
පොහොට්ටුව පෙන්න පෙන්න ආණ්ඩුවට හැමදේම කරන්න බෑ
01:54
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් - "යතිවරයාණන් අපවත් වීම සුවිශාල පාඩුවක්"
03:13
Video thumbnail
සංවර්ධන නිලධාරින්ගෙන් ආණ්ඩුවට රතු එළි - රටපුරා විරෝධතාවේ යනවා..දැවැන්ත සටනකට මුහුණ දෙන්න වෙනවා
02:23
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති රනිල්ව බේරාගන්න හදන්නේ
10:17
Video thumbnail
විදුලිසැර වැ#දී සුනඛයින් සිව් දෙනෙක් එළොව යයි - "5 Star කියලා සතෙක්ට පාරේ ඉන්න බෑ"
02:58
Video thumbnail
හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි
01:47
Video thumbnail
අධිකරණයේ ස්වාධීනත්වය කුඩුපට්ටම් කරලා රට ඒකාධිපති තැනකට තල්ලු කරනවා
19:26
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම
00:24
Video thumbnail
මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:52