ඇබර්ඩීන් ඇල්ලේ දිය නෑමට ගිය දරුවෙකු දියේ ගිලී මියයයි

ගිනිගත්හේන පොලිස් වසමේ පිහිටි ඇබර්ඩීන් ඇල්ල නැරඹීමට පැමිණ එහි පහළ ජලාශයේ දිය නෑමට ගිය අවුරුදු 15 ක දරුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ඊයේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැල්ලවත්ත – නෙල්සන් පෙදෙසේ පදිංචි දරුවෙකු බවයි.

ඔහු පවුලේ සාමාජිකයන් ඇතුලු පිරිසක් සමඟ දිය නාමින් සිට ඇති අතර, ඡායාරූපයක් ගැනීමට යාමේදී මෙලෙස දියේ ගිලී මියගොස් තිබෙනවා.