AFC Banner
Empty Ad
Empty Ad

ගේල්ගේ හයේ වාර්තාව පූරන් බිඳ දමයි

විස්සයි විස්ස තරග ආකෘතිය තුළ එක් ක්‍රීඩකයෙක් කැලැන්ඩර වර්ෂයක එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව තම නම ඉදිරියේ ලියාගන්නට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන්ට හැකියාව ලැබුණා.

ඒ, මෙතෙක් කලක් එම වාර්තාවේ හිමිකරු බවට පත්ව සිටි බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් දෙවැනි තැනට ඇද දමමින්.

නිකලස් පූරන් 2024 වසරේ මේ දක්වා කාලය තුළ විස්සයි විස්ස තරග ආකෘතිය තුළ හයේ පහර 139ක් එල්ල කර තිබෙනවා.

මීට පෙර ක්‍රිස් ගේල් 2015 වසරේ දී විස්සයි විස්ස තරග ආකෘතිය තුළ හයේ පහර 135ක් එල්ල කරමින් එම වාර්තාව තමාගේ නම ඉදිරියේ ලියාගෙන සිටියා.

මෙම වසර තුළ පූරන් විස්සයි විස්ස පිටියේ පන්දු 1145 කට මුහුණ දී මෙම හයේ පහර 139 එල්ල කර ඇති අතර, 2015 වසරේ දී ගේල් හයේ පහර 135 එල්ල කර තිබුණේ පන්දු 1012කට මුහුණ දෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?