ගේල්ගේ හයේ වාර්තාව පූරන් බිඳ දමයි

විස්සයි විස්ස තරග ආකෘතිය තුළ එක් ක්‍රීඩකයෙක් කැලැන්ඩර වර්ෂයක එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව තම නම ඉදිරියේ ලියාගන්නට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන්ට හැකියාව ලැබුණා.

ඒ, මෙතෙක් කලක් එම වාර්තාවේ හිමිකරු බවට පත්ව සිටි බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් දෙවැනි තැනට ඇද දමමින්.

නිකලස් පූරන් 2024 වසරේ මේ දක්වා කාලය තුළ විස්සයි විස්ස තරග ආකෘතිය තුළ හයේ පහර 139ක් එල්ල කර තිබෙනවා.

මීට පෙර ක්‍රිස් ගේල් 2015 වසරේ දී විස්සයි විස්ස තරග ආකෘතිය තුළ හයේ පහර 135ක් එල්ල කරමින් එම වාර්තාව තමාගේ නම ඉදිරියේ ලියාගෙන සිටියා.

මෙම වසර තුළ පූරන් විස්සයි විස්ස පිටියේ පන්දු 1145 කට මුහුණ දී මෙම හයේ පහර 139 එල්ල කර ඇති අතර, 2015 වසරේ දී ගේල් හයේ පහර 135 එල්ල කර තිබුණේ පන්දු 1012කට මුහුණ දෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21