AFC Banner
Empty Ad
Empty Ad

හොරෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

කළුතර, දොඩංගොඩ සහ මතුගම ඇතුළු ප්‍රදේශ රැසකට නීති විරෝධී මත්පැන් බෙදාහරින ලද මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට දොඩංගොඩ පොලීසිය සමත් වී තිබුණා.

මෙම මත්පැන් නිෂ්පාදනාගාරය කළුතර, සේරුපිට ප්‍රදේශයේ ලඳු කැලෑවක ඉතා සූක්ෂම ලෙස දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබෙනවා.

දොඩංගොඩ පොලීසියේ ස්ථානාධිපතිතුමාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මත්පැන් නිෂ්පාදනාගාරයේ තිබී ගෝඩා සහ නීති විරෝධී මත්පැන් මෙන්ම මෙම ජාවාරම සඳහා භාවිත කළ උපකරණ රැසක් ද පොලිස් භාරයට ගැණුනා.

මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු දොඩංගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සේරපිට ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?