හොරෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

කළුතර, දොඩංගොඩ සහ මතුගම ඇතුළු ප්‍රදේශ රැසකට නීති විරෝධී මත්පැන් බෙදාහරින ලද මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට දොඩංගොඩ පොලීසිය සමත් වී තිබුණා.

මෙම මත්පැන් නිෂ්පාදනාගාරය කළුතර, සේරුපිට ප්‍රදේශයේ ලඳු කැලෑවක ඉතා සූක්ෂම ලෙස දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබෙනවා.

දොඩංගොඩ පොලීසියේ ස්ථානාධිපතිතුමාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මත්පැන් නිෂ්පාදනාගාරයේ තිබී ගෝඩා සහ නීති විරෝධී මත්පැන් මෙන්ම මෙම ජාවාරම සඳහා භාවිත කළ උපකරණ රැසක් ද පොලිස් භාරයට ගැණුනා.

මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු දොඩංගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සේරපිට ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14