AFC Banner
Empty Ad
Empty Ad

නාමල්ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදකී

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (02) එළිදැක්වීමට නියමිතයි.

අද පෙරවරුවේ කොළඹ දී එම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත පිළිගැන්වීම පසුගිය සිකුරාදා සිදු කෙරුණා.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා නාමල් රාජපක්ෂගේ දැක්ම සහ ප්‍රතිපත්තිය ගෙනහැර දැක්වීමට අපේක්ෂා කරන අතර, ප්‍රධාන ගැටළු විසඳීම සහ ජාතිය ඉදිරියට ගෙන යාම සඳහා විසඳුම් යෝජනා කරනවා.

මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ප්‍රමුඛ ප්‍රධාන අපේක්ෂකයින්වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ දිලිත් ජයවීර සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ ද මේ වනවිට එළිදක්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?