නාමල්ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදකී

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (02) එළිදැක්වීමට නියමිතයි.

අද පෙරවරුවේ කොළඹ දී එම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත පිළිගැන්වීම පසුගිය සිකුරාදා සිදු කෙරුණා.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා නාමල් රාජපක්ෂගේ දැක්ම සහ ප්‍රතිපත්තිය ගෙනහැර දැක්වීමට අපේක්ෂා කරන අතර, ප්‍රධාන ගැටළු විසඳීම සහ ජාතිය ඉදිරියට ගෙන යාම සඳහා විසඳුම් යෝජනා කරනවා.

මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ප්‍රමුඛ ප්‍රධාන අපේක්ෂකයින්වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ දිලිත් ජයවීර සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ ද මේ වනවිට එළිදක්වා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12