හල්දුම්මුල්ල, කළුපහණ ප්‍රදේශයේ වේලි ඔයේ දිය නෑමට ගොස් සිටියදී දිය පහරකට හසුව අතුරුදන්ව සිටි පියා සහ පුතුගේ සිරුරු සොයාගෙන තිබේ. මහරගම ප්‍රදේශයේ පදිංචි එක ම පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකු ඊයේ නිවාඩුවක් ගත කිරීම සඳහා බදුල්ලට ගිය අවස්ථාවේදී වේලිඔයේ දිය නෑමට ගොස් තිබිණි.
ඔවුන් මෙම අනතුරට මුහුණ පා තිබුණේ එහිදීය. මව අසල වෙළෙඳ සලකට ගිය අවස්ථාවේ අනෙක් තිදෙනා දියට බැස ඇතැයි ප්‍රදේශ වාසීහු පවසති. එම අවස්ථාවේ හදිසියේ පැමිණි දිය පහරකට ඔවුන් තිදෙනා හසුවී තිබූ අතර ප්‍රදේශ වාසීන් පිරිසක් දිය පහරට හසුව සිටි දියණිය බේරා ගැනීමට සමත් වූහ. පියා සහ පුතා දිය පහරට හසුව ගසාගෙන ගොස් තිබූ අතර අද දිනයේදී ඔවුන්ගේ සිරුරු සොයාගෙන තිබිණි.











Vhin jivitha puja karanava..me nama nisa.