AFC Banner
Empty Ad
Empty Ad

රූකාන්ත සහ චන්ද්‍රලේකාට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවෙන් ගෞරව සම්මාන

මෙරට සංගීත ක්ෂේත්‍රයට සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවට දැක් වූ කැපීපෙනෙන දායකත්වය වෙනුවෙන් සංගීතඥ රූකාන්ත ගුණතිලක සහ ඔහුගේ බිරිඳ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා පාර්ලිමේන්තුවේ ගෞරව සම්මානයකින් පිදුම් ලබා තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා පාර්ලිමේන්තුවේ ඉහළම ගෞරව සම්මානයකින් ඔවුන්ව මෙලෙස පිදුම් ලබා ඇති බවයි වාර්තා වන්නේ.

සංගීතඥ රූකාන්ත ගුණතිලක සහ ඔහුගේ බිරිඳවන චන්ද්‍රලේකා පෙරේරා වෙනුවෙන් විශේෂ උත්සවයක් එරට පාර්ලිමේන්තුවේ දී සංවිධානය කර තිබුණා.

ඕස්ට්‍රේලියානු විපක්ෂ නායක ජෝන් පෙසුටෝ සහ රිචඩ් වෙල්ඩ් විසින් මෙය සංවිධානය කර තිබූ අතර, මෙරට කලාකරුවෙක් මෙවැනි ගෞවරයක් හිමිකරගත් ප්‍රථම අවස්ථාව ද මෙය වනවා.

රූකාන්ත සහ චන්ද්‍රලේඛාගේ දියණියන් වන රයිනි ගුණතිලක හා වින්ඩි ගුණතිලක ද, බෑණනුවන් වන ගායන ශිල්පී සනුක වික්‍රමසිංහට ද මෙහිදී විශේෂ සම්මාන පිරිනැමුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
9
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?