AFC Banner
Empty Ad
Empty Ad

තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන වෙත බෙදාහරී

2024 ජනාධිපතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තැපැල් ඡන්ද අයදුම් කළ රාජ්‍ය ආයතන වෙත ලද ඡන්ද පත්‍රිකා තැපැල් කාර්යාල විසින් එම රාජ්‍ය ආයතන වෙත බෙදා හැරීම අද (29) දින සිට ආරම්භ කර තිබෙනවා.

තැපැල් කාර්යාල වෙත ලැබෙන තැපැල් ඡන්ද පත්‍රිකා එදිනම අදාළ රාජ්‍ය ආයතන වෙත ලබා දී එම තැපැල් ඡන්ද පත්‍රිකා නිසි ලෙස ලබාගත් බවට ආයතන ප්‍රධානියාගෙන් අත්සන් ලබා ගැනීම ද බෙදා හරින්නන් විසින් සිදු කරනු ලබනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිළිගත් තැපැල් ඡන්ද සංඛ්‍යාව 19,727 බව නුවරඑළිය දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරීවරයා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?