Empty Ad
Empty Ad
 Empty Ad

ජනපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකියි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) එළිදැක්වෙනවා.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී එම උත්සවය පැවැත්වෙන අතර “රනිල් සමග රට දිනවන වසර 5ක්” යන තේමාව ප්‍රතිපත්ති ප්‍රකාශය නම්කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි පස් වසරක කාලය සඳහා ශ්‍රී ලංකාව තුළ ආර්ථික, සමාජීය, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් සියලු ම අංශ සංවර්ධනය සිදු කරන ආකාරය පිළිබඳව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සඳහන් වනු ඇති.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ; ජනාධිපතිවරයා අද දින රට ගොඩනැගීමේ ප්‍රතිපත්තිය නිකුත් කරන බවයි.

ජනාධිපතිවරයා සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා තිබෙනවා.

”අද මම ඉදිරිපත් කරන්නේ අපේ රට ගොඩනැගීමේ මගේ ප්‍රතිපත්තියයි. මම පොරොන්දු වන්නේ මට දිය හැකි දේ පමණි. ඉතින් ඉදිරි වසර පහ තුළ මම මගේ උපරිමය අපේ රට වෙනුවෙන් කැප කරනවා. මම මේ රට බේරගන්නම්. ඉදිරි වසර පහ මගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට ජයග්‍රාහී කාලයක් ගෙන එන බවට මම සහතික වෙනවා..” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහජන මුදල් හොරා කාපු නඩේට රතු එළියක් - වසන්තගෙන් විශේෂ ප්‍රකාශයක් #npp #akd
10:01
Video thumbnail
මගේ ජීවිතේට මෙහෙම දැක්කේ නෑ - කිරිබත් කන්න හිතන් හිටපු අයට කිරිබතුත් නෑ
18:25
Video thumbnail
මාලිමාවේ වසන්ත පිළිගන්න මිනිස්සු පොරකයි
01:53
Video thumbnail
උගණ්ඩා මැණිකේ ජයග්‍රහණයෙන් පසුව මධ්‍ය අමතා කළ විශේෂ ප්‍රකාශය #npp #akd
03:24
Video thumbnail
21 නාමල් පාර්ලිමේන්තු එනවා - පොහොට්ටු මහ ලේකම් පරාජය ගැන මාධ්‍යට කිව්ව කතාව
06:33
Video thumbnail
ජොන්ස්ටන්ගෙම ගමෙන් ජෝන්ස්ටන්වම පැන්නූ අනුර #anurakumaradissanayake
02:42
Video thumbnail
මාලිමාවට ඡන්ද දුන්න අයට නිවන් සැප ලැබේවා - අපිලගේ සාදුට - තාමත් වයර් ශෝට්
05:43
Video thumbnail
පිස්සුද එහෙම ලේසියෙන් දේශපාලනයෙන් සමුගන්නේ නෑ #mahindarajapaksha
01:56
Video thumbnail
මහින්දානන්ද දේශපාලනයෙන් සමුගනී - "මේ ඉන්නේ අපේ කළු සිංහයා"
04:48
Video thumbnail
මහින්දගේ වැඩිම මනාප වාර්ථාව විජිත හේරත් බිඳ දමයි - දෙන එක දීලා තියෙනවා ඇඬෙන්නම
01:52

?