ජනපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකියි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) එළිදැක්වෙනවා.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී එම උත්සවය පැවැත්වෙන අතර “රනිල් සමග රට දිනවන වසර 5ක්” යන තේමාව ප්‍රතිපත්ති ප්‍රකාශය නම්කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි පස් වසරක කාලය සඳහා ශ්‍රී ලංකාව තුළ ආර්ථික, සමාජීය, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් සියලු ම අංශ සංවර්ධනය සිදු කරන ආකාරය පිළිබඳව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සඳහන් වනු ඇති.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ; ජනාධිපතිවරයා අද දින රට ගොඩනැගීමේ ප්‍රතිපත්තිය නිකුත් කරන බවයි.

ජනාධිපතිවරයා සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා තිබෙනවා.

”අද මම ඉදිරිපත් කරන්නේ අපේ රට ගොඩනැගීමේ මගේ ප්‍රතිපත්තියයි. මම පොරොන්දු වන්නේ මට දිය හැකි දේ පමණි. ඉතින් ඉදිරි වසර පහ තුළ මම මගේ උපරිමය අපේ රට වෙනුවෙන් කැප කරනවා. මම මේ රට බේරගන්නම්. ඉදිරි වසර පහ මගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට ජයග්‍රාහී කාලයක් ගෙන එන බවට මම සහතික වෙනවා..” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06