මුන්නේෂ්වරම් ඊශ්වර දේවාලය අසල ව්‍යාපාරික ස්ථාන හදිසි පරීක්ෂාවකට

හලාවත – මුන්නේෂ්වරම් ඊශ්වර දේවාලයේ මංගල්‍ය සමය තුළ පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථාන හදිසි පරීක්ෂාවකට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා.

දේවාලය අවට ස්ථීරව සහ තාවකාලිකව පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථාන මෙහිදී පරීක්ෂා කර ඇති බවයි වාර්තා වන්නේ.

වෛද්‍ය පරීක්ෂණ වාර්තා නොමැතිව ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම, ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් භාජනවල ආහාර ඇසිරීම, කෘමි සතුන් සහිත ආහාර අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබීම සහ කල් ඉකුත් වූ ආහාර මෙන්ම විවිධ ලේබල් අඩුපාඩු සහිත ආහාර ද්‍රව්‍ය කෙරෙහි ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවධානය මෙහිදී යොමු වුණා.

ආහාර පනතට අදාළ නීති උල්ලංඝනය කළ ව්‍යාපාරිකයින්ට අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර ඇති අතර, මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විශාල ප්‍රමාණයක් ද විනාශයට ලක් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39
Video thumbnail
සුගීශ්වරගේ රෝගී තත්ත්වය ගැන කිව්වා - ඒත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා
01:28
Video thumbnail
ජනාධිපතිතුමා මැදිහත් වෙලා ගොවියන්ට සාධාරණයක් කරන්න
03:48
Video thumbnail
බුදු සරණයි සර්, පරිස්සමෙන් ඉන්න - ඔයාව වට්ටන්න බෑ
01:23
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09