සෞදියේ රඳවා සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් ගැන අනාවරණයක්

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 41දෙනෙකු පමණ දීර්ඝ කාලයක් තිස්සේ සෞදි අරාබියාවේ රඳවාගෙන සිටින බව ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා දෙන්නේ මාස 18 පමණ කාලයක් එම කාන්තාවන් පිරිස රඳවා තබාගෙන සිටින බවය.

අදාළ කාන්තාවන්ට එරෙහිව කිසිදු චෝදනාවක් පිළිබඳ මෙතෙක් දැනුම් දී නොමැති අතර ඔවුන් රඳවා තබාගැනිමේ හේතුව පිළිබඳව ද නීත්‍යානුකූල දැනුම්දීමක් සිදුකර නොමැති බව වාර්තා වේ.

එම කාන්තාවන්ගෙන් තිදෙනෙකුට කුඩා දරුවන් ද සිටින අතර ඔවුන් සියලුදෙනා කඩිනමින් මෙරටට ගෙන්වාගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගත යුතු බව ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසීමක් කළේය.

එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ, අදාළ ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?