සෞදියේ රඳවා සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් ගැන අනාවරණයක්

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 41දෙනෙකු පමණ දීර්ඝ කාලයක් තිස්සේ සෞදි අරාබියාවේ රඳවාගෙන සිටින බව ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා දෙන්නේ මාස 18 පමණ කාලයක් එම කාන්තාවන් පිරිස රඳවා තබාගෙන සිටින බවය.

අදාළ කාන්තාවන්ට එරෙහිව කිසිදු චෝදනාවක් පිළිබඳ මෙතෙක් දැනුම් දී නොමැති අතර ඔවුන් රඳවා තබාගැනිමේ හේතුව පිළිබඳව ද නීත්‍යානුකූල දැනුම්දීමක් සිදුකර නොමැති බව වාර්තා වේ.

එම කාන්තාවන්ගෙන් තිදෙනෙකුට කුඩා දරුවන් ද සිටින අතර ඔවුන් සියලුදෙනා කඩිනමින් මෙරටට ගෙන්වාගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගත යුතු බව ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසීමක් කළේය.

එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ, අදාළ ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19