මරදානේ අමානුෂික පහරදීම (වීඩියෝ)

ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් මරදාන ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියදුරෙකුට සිදුකළ අමානුෂික පහරදීමක් පිළිබඳව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම ත්‍රිරෝද රථයේ පසුගිය 10 වැනිදා පස්වරුවේ වයස අවුරුදු 16ක පමණ තරුණයෙකු ගැටී තිබෙනවා.

පසුව ත්‍රීරෝද රථයේ රියදුරු හා එම තරුණයා අතර බහින්බස්වීමක් සිදුව තිබුණා.

එම සිද්ධියෙන් අනතුරුව අදාළ ත්‍රිරෝද රථය මරදාන – මොහිදින් මස්ජීඩ් මාවතට පැමිණ තිබෙනවා.

ත්‍රිරෝද රථයේ පැමිණි පුද්ගලයා පිළිබඳව ඔත්තු බැලීම සඳහා එම ස්ථානයට ඒවන විටත් පුද්ගලයෙකු පැමිණ සිටි අයුරු දක්නට ලැබුණු අතර ඔත්තු බැලීමට පැමිණි පුද්ගලයා ලබාදුන් දුරකථන ඇමතුමකට අනුව 20 දෙනෙකුගෙන් පමණ සමන්විත සංවිධානාත්මක පිරිසක් මෙම ස්ථානයට මෙලෙස කඩා වැදුනා.

ඒ, අසළ පිහිටි නිවාස්වල පුද්ගලයන්ටද තර්ජනය කරමින්.

සංවිධානාත්මක පිරිස යකඩ පොලු හා කඩුවලින් ත්‍රිරෝද රථයේ රියදුරුට මෙලෙස පහරදෙනවා.

ප්‍රහාරය අතරතුර ත්‍රීරෝද රථ රියදුරු තම ජීවිතය බේරාගැනීම සදහා මෙලෙස පළා යන අයුරු දක්නට ලැබෙනවා.

රියදුරු පලායාමෙන් අනතුරුව සංවිධානාත්මක පිරිස නැවත පැමිණ ත්‍රිරෝද රථයට පහරදෙන්නේ මෙලෙසින්.

අප මෙම පහරදීම පිළිබඳව මරදාන පොලිසියෙන් විමසීමක් කළා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම ප්‍රහාරයෙන් 22 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරු කැපුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ මේවන විට ප්‍රතිකාර ලබන බවයි.

පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53