AFC Banner
Empty Ad
Empty Ad

ශකීබ් අල් හසන්ට ඝාතන චෝදනාවක්

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ට එරෙහිව ඝාතන චෝදනාවක් ගොනු කර තිබෙනවා.

ඒ, එරට ආණ්ඩු විරෝධී විරෝධතාවලට සහභාගී වී ජීවිතක්ෂයට පත් වූ රුබෙල් නමැති පුද්ගලයාගේ පියා වන රෆියුල් ඉස්ලාම් විසින්.

පසුගිය බ්‍රහස්පතින්දා (22) ඩකාහි අඩබෝර් පොලිස් ස්ථානයට වින්දිතයාගේ පියා විසින් පැමිණිලි කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා පවසනවා.

එහි දී හිටපු අගමැතිනි ශෙයික් හසීනා සහ හිටපු මාර්ග, ප්‍රවාහනය සහ පාලම් අමාත්‍ය ඔබයිදුල් ක්වාඩර් ඇතුළු 56 දෙනෙකුට එරෙහිව මෙම පැමිණිල්ල සිදු කර ඇති බව සඳහන්.

රුබෙල් පසුගිය 05 වැනිදා ඇඩබෝර්හිRing Road ප්‍රදේශයේ දී පැවැති විරෝධතාවකට එක්වුණා.

එහි දී ආරක්ෂක අංශය විසින් සිදු කළ වෙඩි තැබීමකින් ඔහු මියගිය අතර පපුවට සහ උදරයට වෙඩි පහරවල් එල්ල වී ඇති බවයි වෛද්‍ය වාර්තාවේ දැක්වුණේ.

ක්‍රිකට් ක්‍රීඩක ශකිබ් අල් හසන් මෙම නඩුවේ 28 වන චූදිතයා ලෙස නම්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?