ශකීබ් අල් හසන්ට ඝාතන චෝදනාවක්

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ට එරෙහිව ඝාතන චෝදනාවක් ගොනු කර තිබෙනවා.

ඒ, එරට ආණ්ඩු විරෝධී විරෝධතාවලට සහභාගී වී ජීවිතක්ෂයට පත් වූ රුබෙල් නමැති පුද්ගලයාගේ පියා වන රෆියුල් ඉස්ලාම් විසින්.

පසුගිය බ්‍රහස්පතින්දා (22) ඩකාහි අඩබෝර් පොලිස් ස්ථානයට වින්දිතයාගේ පියා විසින් පැමිණිලි කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා පවසනවා.

එහි දී හිටපු අගමැතිනි ශෙයික් හසීනා සහ හිටපු මාර්ග, ප්‍රවාහනය සහ පාලම් අමාත්‍ය ඔබයිදුල් ක්වාඩර් ඇතුළු 56 දෙනෙකුට එරෙහිව මෙම පැමිණිල්ල සිදු කර ඇති බව සඳහන්.

රුබෙල් පසුගිය 05 වැනිදා ඇඩබෝර්හිRing Road ප්‍රදේශයේ දී පැවැති විරෝධතාවකට එක්වුණා.

එහි දී ආරක්ෂක අංශය විසින් සිදු කළ වෙඩි තැබීමකින් ඔහු මියගිය අතර පපුවට සහ උදරයට වෙඩි පහරවල් එල්ල වී ඇති බවයි වෛද්‍ය වාර්තාවේ දැක්වුණේ.

ක්‍රිකට් ක්‍රීඩක ශකිබ් අල් හසන් මෙම නඩුවේ 28 වන චූදිතයා ලෙස නම්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55