AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ රැලිවලට වතු ප්‍රජාව ගෙන්වගන්න බාල වර්ගයේ රා දීලා

ජනාධිපති අපේක්ෂකයන් සඳහා පවත්වන මැතිවරණ රැලි සඳහා වතුකරයේ ජනතාව සහභාගී කරවා ගැනීමට, බෝතල් කළ බාල තත්ත්වයේ ‘රා’ නොමිලේ බෙදා දෙන බවට පැමිණිලි ගණනාවක් ලැබී ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසනවා.

ඒ මහතා කියා සිටියේ, නිසි ප්‍රමිතියකින් තොර ‘රා’ බෝතල් වතුකම්කරුවන්ට ලබාදීම හේතුවෙන් ඔවුන් සේවයට වාර්තා කිරීම ද අඩාල වී ඇති බවයි.

ඒ හේතුවෙන් වතු කම්කරුවන්ගේ කාර්යක්ෂමතාව ද පහළ වැටී ඇති බවට වතු අධිකාරිවරු ඇතුළු වතු පාලනාධිකාරීන් විසින් පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

මෙලෙස ඔවුන් මැතිවරණ රැලි සඳහා සහභාගී කරවා ගැනීමට නිසි ප්‍රමිතියකින් තොර ‘රා’ බෝතල් ලබාදීම මැතිවරණ නීති බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවයි මංජුල ගජනායක පැවසුවේ.

ඒ අනුව ‘බාල රා’ නොමිලේ ජනතාව අතර බෙදාහැරීම දුම්කොළ හා මධ්‍යසාර පනතට අනුව ද වරදක් වන බව ද ඒ මහතා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?