ලක්ෂ 20ක රියදුරු බලපත්‍ර අහෝසි වීම බොරුවක් – මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්

ඉදිරි මාස 03ක කාලය තුළ රියදුරු බලපත්‍ර ලක්ෂ 20ක් අහෝසි වීම සම්බන්ධයෙන් මේ වනවිට (22) සමාජ මාධ්‍යවල විවිධ පුවත් සංසරණය වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසනවා.

අද විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ මේ වනවිට රජය ඒ ආකාරයේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

මෙම පුවත සම්බන්ධයෙන් විවිධ ප්‍රවෘත්ති ජාතික පුවත්පත්වල පවා දැකගැනීමට හැකි වූ බවයි කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

මේ ආකාරයේ පුවතක් නිර්මාණය වීමට බලපෑ ප්‍රධානතම හේතුව වන්නේ මේ දිනවල සිය දෙපාර්තමේන්තුව රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් විශේෂ පියවරයන් අනුගමනය කරමින් සිටින බවත්; රියදුරු බලපත්‍ර අසාදුගත කිරීමටත් විශේෂ සාකච්ඡා පවතින බවත් එබැවින් මෙවැනි අසත්‍ය තොරතුරු සමාජගත වෙමින් පවතින බව ද හෙතෙම ප්‍රකාශ කළා.

දිනකට මහාමාර්ගයේ සිදු වන රිය අනතුරුවලින් සත් දෙනෙකු මිය යන බවත් පූර්ණ ආබාධ තත්ත්වයන්ට ලක් වන ප්‍රමාණ ඉහළ යාම මත රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් විශේෂ පියවර අනුගමනය කිරීමට සාකච්ඡා පැවැත්තුව ද; බලපත්‍ර ලක්ෂ 20ක් අහෝසි කිරීමේ තීරණයක් කිසිදු ලෙසකින් ගෙන නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22