AFC Banner
Empty Ad
Empty Ad

ලක්ෂ 20ක රියදුරු බලපත්‍ර අහෝසි වීම බොරුවක් – මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්

ඉදිරි මාස 03ක කාලය තුළ රියදුරු බලපත්‍ර ලක්ෂ 20ක් අහෝසි වීම සම්බන්ධයෙන් මේ වනවිට (22) සමාජ මාධ්‍යවල විවිධ පුවත් සංසරණය වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසනවා.

අද විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ මේ වනවිට රජය ඒ ආකාරයේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

මෙම පුවත සම්බන්ධයෙන් විවිධ ප්‍රවෘත්ති ජාතික පුවත්පත්වල පවා දැකගැනීමට හැකි වූ බවයි කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

මේ ආකාරයේ පුවතක් නිර්මාණය වීමට බලපෑ ප්‍රධානතම හේතුව වන්නේ මේ දිනවල සිය දෙපාර්තමේන්තුව රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් විශේෂ පියවරයන් අනුගමනය කරමින් සිටින බවත්; රියදුරු බලපත්‍ර අසාදුගත කිරීමටත් විශේෂ සාකච්ඡා පවතින බවත් එබැවින් මෙවැනි අසත්‍ය තොරතුරු සමාජගත වෙමින් පවතින බව ද හෙතෙම ප්‍රකාශ කළා.

දිනකට මහාමාර්ගයේ සිදු වන රිය අනතුරුවලින් සත් දෙනෙකු මිය යන බවත් පූර්ණ ආබාධ තත්ත්වයන්ට ලක් වන ප්‍රමාණ ඉහළ යාම මත රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් විශේෂ පියවර අනුගමනය කිරීමට සාකච්ඡා පැවැත්තුව ද; බලපත්‍ර ලක්ෂ 20ක් අහෝසි කිරීමේ තීරණයක් කිසිදු ලෙසකින් ගෙන නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
5
+1
116
+1
2
+1
7
+1
5
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?