AFC Banner
Empty Ad
Empty Ad

කැනඩාවෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට එරෙහිව දැඩි විරෝධයක්

කැනඩාවෙන් ශ්‍රී ලංකාවේ වත්මන් පාලන තන්ත්‍රයට දැඩි විරෝධතාවක් එල්ල වී තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි කැනඩාවේ විදේශ අමාත්‍ය එම්. ජොලිගෙන් එරට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් ඉල්ලා ඇත්තේ ද්‍රවිඩ සමූල ඝාතන ස්මාරකය නමින් හැඳින්වෙන ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාකලාපය පැසුසම්සහගත නොවන බවයි.

එරට බ්‍රැම්ප්ටන් නාගරික බලධාරීන් ශ්‍රී ලංකාවේ තීරණයන් නොසලකා හැරීමට තීරණය කර තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් තුෂාර රුද්‍රිගෝ මෙම ස්මාරකය ඉදිකිරීමට ශ්‍රී ලංකාවේ විරුද්ධත්වය ප්‍රකාශ කරමින් නගරාධිපතිවරයාට ලිඛිතව දන්වා සිටියා.

ඊට අමතරව, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ද කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් කැඳවා ශ්‍රී ලංකාවේ විරෝධතාව තවදුරටත් මෙම ස්මාරකය ඉදිකිරීමට එරෙහිව පවතින බවයි දැනුම්දී තිබුණේ.

කෙසේ වෙතත්, බ්‍රැම්ප්ටන් නගරාධිපතිවරයා කැනේඩියානු අමාත්‍යවරයාට ලිඛිතව කියා සිටියේ ‘ජනඝාතක ශ්‍රී ලංකා රජය විසින් ප්‍රාදේශීය කටයුතුවලට ඇඟිලි ගැසීම්’ යනුවෙන් තමන් හඳුන්වන දෙයට තම රට හෝ ප්‍රාන්තයේ තීන්දු තීරණ කිසිදු ලෙසකින් වෙනස් නොකළ යුතු බවයි.

“ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාව තම ආදරණීයයන් සහ වීරයන් සිහිපත් කිරීම නැවැත්වීමට රජයට උත්සාහ කළ හැකි නමුත් කැනඩාවේ එය කළ නොහැක. ඔවුන් කැනඩාවේ අනුස්මරණ සහ අනුස්මරණ උත්සවවලට බාධා කිරීමට උත්සාහ කිරීම විදේශීය මැදිහත්වීමේ ක්‍රියාවකි..” යනුවෙන් කැනේඩියානු බ්‍රැම්ප්ටන් නගරාධිපති දැනුම්දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
7
+1
47
+1
3
+1
5
+1
0
+1
25
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?