AFC Banner
Empty Ad
Empty Ad

ජාත්‍යන්තර මිනිස් ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙක්‌ ඉන්දියාවේ දී අල්ලයි

මෙරට ක්‍රියාත්මක වූ ත්‍රස්ත සංවිධානයක් සමඟ සබඳතා පැවැත් වූ ශ්‍රී ලාංකිකයෙකු විසින් මෙහෙයවන ලද ජාත්‍යන්තර මිනිස් ජාවාරමකට සම්බන්ධ ප්‍රධාන චූදිතයෙක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘සීනි අබුල්ඛාන්’ නැමැති මෙම පුද්ගලයා ඊයේ දින අත්අඩංගුවට ගත් බවයි ඉන්දීය ආරක්ෂක අංශ නිල වශයෙන් ප්‍රකාශකර ඇත්තේ.

ඉන්දියාවේ, ජාතික විමර්ශන ඒජන්සිය විසින් තමිල්නාඩුවේ රාමනාතපුරම් ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා.

මෙරට ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය සමඟ සබඳතා පැවැත් වූ ‘ඊසාන්’ නමින් හඳුනාගෙන ඇති ශ්‍රී ලාංකිකයෙකු; මෙම මිනිස් ජාවාරමේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති බවයි ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විමර්ශනවල දී අනාවරණය කරගෙන ඇත්තේ.

ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගැනුණු ‘සීනි අබුල්ඛාන්’ නැමැති පුද්ගලයා ‘ඊසාන්’ නැමැත්තා සමඟ එක්ව අදාළ මිනිස් ජාවාරම මෙහෙයවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මොහු විසින් ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු තමිල්නාඩුවේ විවිධ ස්ථානවලට නීති විරෝධී ලෙස ගෙන්වාගෙන ඔවුන්ට ව්‍යාජ පොරොන්දු දී මෙම මිනිස් ජාවාරම සිදුකර ඇති බවට ජාතික විමර්ශන ඒජන්සිය පවසනවා.

සිදුකළ විමර්ශනවලට අනුව අනාවරණය වී ඇත්තේ ආකර්ශනීය රැකියා සමඟ කැනඩාවට සංක්‍රමණය වීම සඳහා නීත්‍යානුකූල ලියකියවිලි ලබාදෙන පවසමින් අදාළ ශ්‍රී ලාංකිකයින් රවටා ඇති බවයි.

සැකකරුවන් විසින් මෙහෙය වූ මෙම මිනිස් ජාවාරම පිළිබද තොරතුරු 2021 ජූනි මාසයේ දී අනාවරණය කර ගැනීමෙන් පසු ‘සීනි අබුල්ඛාන්’ නැමැත්තා සහ තවත් පුද්ගලයින් කිහිපදෙනෙක් පළාගොස් සැඟව තිබෙනවා.

එලෙස සැඟව සිටිය දී වසර තුනකට පමණ පසුවයි ‘සීනි අබුල්ඛාන්’ නැමැත්තා මෙලෙස ඊයේ දින අත්අඩංගුවට පත්ව ඇත්තේ.

තවමත් නිදැල්ලේ සිටින අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ විමර්ශනය සිදුකරන බව එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු ගහන තරම් රටවල් පාලනය කරන්න ලේසි නෑ #sajith #anurakumaradissanayake #hirunika
Video thumbnail
හිරුණික මනාප ක්‍රියාන්විතය අරඹයි - අම්මෝ අම්මෝ කට ඇරියොත් පළාතක් ඉවරයි#hirunika_premachandra
04:43
Video thumbnail
උදය ගම්මන්පිල අද රෑ අත්අඩංගුවට ? විශේෂ හෙළිදරව්ව මෙන්න
10:14
Video thumbnail
වාහන Show එකකුත් කළා - පාරවල් අරින Show එකකුත් කළා - කංචනට යකා ඇවිස්සෙයි - සියල්ල හෙළිකරයි
13:57
Video thumbnail
හර්ෂ විශේෂ හෙළිදරව්වක් කරයි
12:29
Video thumbnail
ශ්‍රී ලංකාවේ ලෝක කැරම් ශූරයන්ට අගමැතිණියගෙන් ලැබුණ දේ #hariniamarasuriya
01:57
Video thumbnail
මටනම් රටේ ජනාධිපති අනුර කුමාර කියලා දැනෙන්නේ නෑ - දිනුවා කියලා දන්නෙත් නෑ #akd #npp
04:14
Video thumbnail
හදිසියේ නුවර මාකට් එකට කඩා පැනපු ලාල්කාන්ත
05:40
Video thumbnail
අපේ කණ්ඩායමේ වල් පැල නෑ - ඔක්කොම ඉන්නේ මල් පැල #sajithpremadasa
05:12
Video thumbnail
මාලිමා අණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන්ට පඩි වැඩිවෙන්නේ නෑ #npp #akd #anurakumaradissanayake
11:43

?