ජාත්‍යන්තර මිනිස් ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙක්‌ ඉන්දියාවේ දී අල්ලයි

මෙරට ක්‍රියාත්මක වූ ත්‍රස්ත සංවිධානයක් සමඟ සබඳතා පැවැත් වූ ශ්‍රී ලාංකිකයෙකු විසින් මෙහෙයවන ලද ජාත්‍යන්තර මිනිස් ජාවාරමකට සම්බන්ධ ප්‍රධාන චූදිතයෙක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘සීනි අබුල්ඛාන්’ නැමැති මෙම පුද්ගලයා ඊයේ දින අත්අඩංගුවට ගත් බවයි ඉන්දීය ආරක්ෂක අංශ නිල වශයෙන් ප්‍රකාශකර ඇත්තේ.

ඉන්දියාවේ, ජාතික විමර්ශන ඒජන්සිය විසින් තමිල්නාඩුවේ රාමනාතපුරම් ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා.

මෙරට ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය සමඟ සබඳතා පැවැත් වූ ‘ඊසාන්’ නමින් හඳුනාගෙන ඇති ශ්‍රී ලාංකිකයෙකු; මෙම මිනිස් ජාවාරමේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති බවයි ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විමර්ශනවල දී අනාවරණය කරගෙන ඇත්තේ.

ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගැනුණු ‘සීනි අබුල්ඛාන්’ නැමැති පුද්ගලයා ‘ඊසාන්’ නැමැත්තා සමඟ එක්ව අදාළ මිනිස් ජාවාරම මෙහෙයවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මොහු විසින් ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු තමිල්නාඩුවේ විවිධ ස්ථානවලට නීති විරෝධී ලෙස ගෙන්වාගෙන ඔවුන්ට ව්‍යාජ පොරොන්දු දී මෙම මිනිස් ජාවාරම සිදුකර ඇති බවට ජාතික විමර්ශන ඒජන්සිය පවසනවා.

සිදුකළ විමර්ශනවලට අනුව අනාවරණය වී ඇත්තේ ආකර්ශනීය රැකියා සමඟ කැනඩාවට සංක්‍රමණය වීම සඳහා නීත්‍යානුකූල ලියකියවිලි ලබාදෙන පවසමින් අදාළ ශ්‍රී ලාංකිකයින් රවටා ඇති බවයි.

සැකකරුවන් විසින් මෙහෙය වූ මෙම මිනිස් ජාවාරම පිළිබද තොරතුරු 2021 ජූනි මාසයේ දී අනාවරණය කර ගැනීමෙන් පසු ‘සීනි අබුල්ඛාන්’ නැමැත්තා සහ තවත් පුද්ගලයින් කිහිපදෙනෙක් පළාගොස් සැඟව තිබෙනවා.

එලෙස සැඟව සිටිය දී වසර තුනකට පමණ පසුවයි ‘සීනි අබුල්ඛාන්’ නැමැත්තා මෙලෙස ඊයේ දින අත්අඩංගුවට පත්ව ඇත්තේ.

තවමත් නිදැල්ලේ සිටින අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ විමර්ශනය සිදුකරන බව එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07
Video thumbnail
සජබ රංජිත් මාධ්‍යවේදීන් එක්ක පැටලෙයි ?ඔයාලට ප්‍රශ්නයක්ද අපි එකතු වෙන එක..ආණ්ඩුවට කඩේ යනවද ?
02:17
Video thumbnail
මහ වැස්සේ තෙමී තෙමි අපේ ජනතාව උද්ඝෝෂණයට ආවේ - ආණ්ඩුවට මේක ඉවසගන්න බැරිවුණා
07:06
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අගමැතිතුමිය ඔයා පෙනය පුප්පන්න..හොරකම් කරන්න අයිතියක් නෑ
05:18
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48