අනුර ගොනුකළ සාගරට එරෙහි නඩුවට උසාවියෙන් දින දෙයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් පොදුජන එක්සත් පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම්ට එරෙහිව රුපියල් බිලියන දහයක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ගොනුකර ඇති නඩුව දෙසැම්බර් 20 වන දින කැඳවන ලෙසට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා අද නියම කළා.

සාගර කාරියවසම් මහජන රැළියක දී කරන ලද ප්‍රකාශයකින් තමන්ට අපහාසයක් වූ බවට අනුර කුමාර දිසානායක මෙම නඩුව ගොනුකර තිබෙනවා.

2023 අගෝස්තු 19 වනදා මැද කොළඹ ප්‍රදේශයේ පොදුජන එක්සත් පෙරමුණ සංවිධානය කළ මහජන රැළියක දී සිදුකළ ප්‍රකාශයකින් මෙම අපහාසය හා අපකීර්තිය සිදුව ඇති බවයි මෙම නඩුව ගොනුකරමින් පවසා ඇත්තේ.

නඩුවේ විත්තිකරුවන් ලෙස සාගර කාරියවසම් මහ ලේකම්වරයාට සහ අදාළ ප්‍රකාශය ප්‍රචාරය කළේ යැයි කියන පුද්ගලික රූපවාහිනී නාලිකාව නම් කර තිබෙනවා.

ඒ, අනුව පැමිණිල්ලේ කරුණු සලකා බැලූ අතිරේක දිසා විනිසුරුවරයා විත්තියේ උත්තර දෙසැම්බර් 20 වනදා ඉදිරිපත් කරන ලෙසට නියෝග කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලගේ පොලිසිය ඕනි දෙයක් කරපන්..ඕකද යකෝ පොලිසියේ නීතිය - අම්මලා වැස්සේ තෙමීගෙන වන්දනා කරන්නේ
02:46
Video thumbnail
ශිරන්ති කියන්නේ තරුණ කෙල්ලෙක් නෙවෙයි..බොරුවට ලෙඩවෙලා නෑ
10:20
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59