AFC Banner
Empty Ad
Empty Ad

අනුර ගොනුකළ සාගරට එරෙහි නඩුවට උසාවියෙන් දින දෙයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් පොදුජන එක්සත් පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම්ට එරෙහිව රුපියල් බිලියන දහයක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ගොනුකර ඇති නඩුව දෙසැම්බර් 20 වන දින කැඳවන ලෙසට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා අද නියම කළා.

සාගර කාරියවසම් මහජන රැළියක දී කරන ලද ප්‍රකාශයකින් තමන්ට අපහාසයක් වූ බවට අනුර කුමාර දිසානායක මෙම නඩුව ගොනුකර තිබෙනවා.

2023 අගෝස්තු 19 වනදා මැද කොළඹ ප්‍රදේශයේ පොදුජන එක්සත් පෙරමුණ සංවිධානය කළ මහජන රැළියක දී සිදුකළ ප්‍රකාශයකින් මෙම අපහාසය හා අපකීර්තිය සිදුව ඇති බවයි මෙම නඩුව ගොනුකරමින් පවසා ඇත්තේ.

නඩුවේ විත්තිකරුවන් ලෙස සාගර කාරියවසම් මහ ලේකම්වරයාට සහ අදාළ ප්‍රකාශය ප්‍රචාරය කළේ යැයි කියන පුද්ගලික රූපවාහිනී නාලිකාව නම් කර තිබෙනවා.

ඒ, අනුව පැමිණිල්ලේ කරුණු සලකා බැලූ අතිරේක දිසා විනිසුරුවරයා විත්තියේ උත්තර දෙසැම්බර් 20 වනදා ඉදිරිපත් කරන ලෙසට නියෝග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
1
+1
34
+1
2
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?