තවත් ලාංකික කතක් සිරියාවේ නිවසක වද හිංසනයට ලක්වෙයි

ක්‍රෑර වධ හිංසනයට ලක් ව සිරියාවේ ගෘහ සේවයේ නිරත කාන්තාවක් පිළිබඳ ව තොරතුරු දසත පුවත් වෙත වාර්තා වී තිබෙනවා.

මෙම කාන්තාව සිරියාවේ සේවය කරන නිවසෙහි හාම්පුතුන් ඇයට ලිංගික අඩත්තේට්ටම් මෙන් ම, අමානුෂික ලෙස පහරදීම් සිදු කරන බවටයි ඇය පවසා ඇත්තේ.

අදාළ සිද්ධියට මුහුණ පා ඇත්තේ කුරුණෑගල – දඹදෙණියේ පදිංචි තුෂාරිකා කල්දේරා නමැති 34 හැවිරිදි අවිවාහක කාන්තාවක්.

ඇය මීට වසරකුත් මාස 09කට ඉහත දී ගෘහ සේවයේ රැකියාවක් සඳහා ඩුබායි රාජ්‍යය වෙත පිටත් ව ගොස් තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ නිවසක ඇය වසරකුත් මාස 09ක කාලයක් ඉතාමත් ම හොඳින් ආරක්ෂිත ජීවිතයක් ගත කර ඇති බවයි පැවසෙන්නේ.

ඇයට එම ඩුබායි නිවසෙහි හාම් පුතුන් විසින් ඉතාමත් කාරුණික අයුරින් සලකා තිබෙනවා.

එහෙත් හදිසියේ ම එම හාම් පුතුන් වෙනත් රටකට පදිංචියට යාම හේතුවෙන් ඇයට යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය ගුවන් ටිකට් පතත් ඩුබායි නිවැසියන් විසින් ලබා දී ඇති අතර; ඔවුන් රටින් යාමට පෙර තුෂාරිකාව ඇයගේ රැකියා ඒජන්සියට භාර දී ඇති බවයි පැවසෙන්නේ.

ගුවන් මගී ටිකට් පතකුත් මෙම කාන්තාවට හිමි ව තිබියදීත්, එම රැකියා ඒජන්සිය විසින් ඇයව සිරියාවේ නිවසක ගෘහ සේවයට විකුණා තිබෙනවා.

මේ වනවිට ඇය සිරියාවේ නිවසක ගෘහ සේවයේ කටයුතු සිදු කරන අතර, මාස ගණනාවක වැටුප් රහිතව ඇය දැඩි හිංසනයන් මැද ජීවත් වන බවයි වාර්තා වන්නේ.

ඇතැම් අවස්ථාවල දී හාම් පුතුන් විසින් ඇයට රබර් බටවලින් පහර දෙන බවත්; එම පහරදීම් නිසා තැලුම් පහර සිරුරෙහි සෑම තැනකම පාහේ ඇති බව ද පහරකෑම්වලට නතු වූ තුෂාරිකා නමැති තරුණිය පවසනවා.

තමන් වැටුප් සම්බන්ධයෙන් විමසීම් සිදු කරන විට නිවසෙහි ගෙහිමියන් තමන්ගේ හිසට දරුණු ලෙසට පහර දෙන බවයි ඇය සඳහන් කර සිටින්නේ.

මේ හේතුවෙන් තුෂාරිකා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ තමන්ව කෙසේ හෝ යළි මව්බිමට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19