තවත් ලාංකික කතක් සිරියාවේ නිවසක වද හිංසනයට ලක්වෙයි

ක්‍රෑර වධ හිංසනයට ලක් ව සිරියාවේ ගෘහ සේවයේ නිරත කාන්තාවක් පිළිබඳ ව තොරතුරු දසත පුවත් වෙත වාර්තා වී තිබෙනවා.

මෙම කාන්තාව සිරියාවේ සේවය කරන නිවසෙහි හාම්පුතුන් ඇයට ලිංගික අඩත්තේට්ටම් මෙන් ම, අමානුෂික ලෙස පහරදීම් සිදු කරන බවටයි ඇය පවසා ඇත්තේ.

අදාළ සිද්ධියට මුහුණ පා ඇත්තේ කුරුණෑගල – දඹදෙණියේ පදිංචි තුෂාරිකා කල්දේරා නමැති 34 හැවිරිදි අවිවාහක කාන්තාවක්.

ඇය මීට වසරකුත් මාස 09කට ඉහත දී ගෘහ සේවයේ රැකියාවක් සඳහා ඩුබායි රාජ්‍යය වෙත පිටත් ව ගොස් තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ නිවසක ඇය වසරකුත් මාස 09ක කාලයක් ඉතාමත් ම හොඳින් ආරක්ෂිත ජීවිතයක් ගත කර ඇති බවයි පැවසෙන්නේ.

ඇයට එම ඩුබායි නිවසෙහි හාම් පුතුන් විසින් ඉතාමත් කාරුණික අයුරින් සලකා තිබෙනවා.

එහෙත් හදිසියේ ම එම හාම් පුතුන් වෙනත් රටකට පදිංචියට යාම හේතුවෙන් ඇයට යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය ගුවන් ටිකට් පතත් ඩුබායි නිවැසියන් විසින් ලබා දී ඇති අතර; ඔවුන් රටින් යාමට පෙර තුෂාරිකාව ඇයගේ රැකියා ඒජන්සියට භාර දී ඇති බවයි පැවසෙන්නේ.

ගුවන් මගී ටිකට් පතකුත් මෙම කාන්තාවට හිමි ව තිබියදීත්, එම රැකියා ඒජන්සිය විසින් ඇයව සිරියාවේ නිවසක ගෘහ සේවයට විකුණා තිබෙනවා.

මේ වනවිට ඇය සිරියාවේ නිවසක ගෘහ සේවයේ කටයුතු සිදු කරන අතර, මාස ගණනාවක වැටුප් රහිතව ඇය දැඩි හිංසනයන් මැද ජීවත් වන බවයි වාර්තා වන්නේ.

ඇතැම් අවස්ථාවල දී හාම් පුතුන් විසින් ඇයට රබර් බටවලින් පහර දෙන බවත්; එම පහරදීම් නිසා තැලුම් පහර සිරුරෙහි සෑම තැනකම පාහේ ඇති බව ද පහරකෑම්වලට නතු වූ තුෂාරිකා නමැති තරුණිය පවසනවා.

තමන් වැටුප් සම්බන්ධයෙන් විමසීම් සිදු කරන විට නිවසෙහි ගෙහිමියන් තමන්ගේ හිසට දරුණු ලෙසට පහර දෙන බවයි ඇය සඳහන් කර සිටින්නේ.

මේ හේතුවෙන් තුෂාරිකා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ තමන්ව කෙසේ හෝ යළි මව්බිමට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19