කරන්ට් එකෙන් අහස් කූරු යවන අලුත්ම ක්‍රමය (වීඩියෝ)

අවුරුදු සමයේදී ගිනිකෙළි හේතුවෙන් සිදුවන අනතුරු පිළිබඳව නිරන්තරයෙන් වාර්තාවනවා.

ඒ ගිනිකෙළි දැල්වීමේදී මතුවන අනාරක්ෂිත බව හේතුවෙන්.

කෙසේ වෙතත් ආරක්ෂිතව ගිනිකෙළි භාවිත කළ හැකි සරල යන්ත්‍රයක් නිපදවීමට බලංගොඩ විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ 9 වසර අධ්‍යාපනය හදාරණ සිසුවෙකු සමත්ව තිබෙනවා.

දුරස්ථ පාලකයක් උපයෝගී කරගනිමින් කෝණය වෙනස් කර අහස් කූරු යැවිය හැකි මෙම සරළ යන්ත්‍රය නිපදවා ඇත්තේ මනුජ් හේෂාන්.

වොල්ට් 12ක යතුරුපැදි බැටරියක් සහ ගලවා ඉවත්කරන ලද දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන මෝටර් රථයක කොටස් උපයෝගී කරගනිමින් තමන් මෙම යන්ත්‍රය නිර්මාණය කළ බවත් ඒ හරහා අහස කූරු දැල්වීමේදී සිදුවිය හැකි අනතුරු අවමකරගෙන අවුරුදු ප්‍රීතිය භුක්තිවිඳිය හැකි බවත් කුඩා හේෂාන් පවසනවා.

ඒ සම්බන්ධයෙන් හේෂාන් හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දැක්වූයේ මෙලෙසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?