AFC Banner
Empty Ad
Empty Ad

මෙරට විශාලතම හරිත බලශක්ති ව්‍යාපෘතියට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාව තුළ ඇති විශාලතම පුනර්ජනනීය බලශක්ති ආයෝජනය ලෙස ඉතිහාස ගත වන, අදානි සුළං බලාගාර ව්‍යාපෘතියට එරෙහිව ඉදිරිපත් කෙරුණු පෙත්සම අතුරු තහනම් නියෝගයක් ලබා නොදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

වසරකට රටට රුපියල් බිලියන 30ක පමණ ඉතිරියක් සහ විදුලි ඒකකයකට පාරිභෝගිකයෙකු ගෙවන ගාස්තුව රුපියල් 17කින් පමණ අඩු කිරීමේ වාසිය ශ්‍රී ලාංකිකයන්ට ලබාදෙමින්, ශ්‍රී ලංකාව තුළ ඇති විශාලතම පුනර්ජනනීය බලශක්ති බලාගාරය ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිතයි.

තවද, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ තරඟකරුවෙක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කරමින්, රට තුළ ක්‍රියාත්මක කළ හැකි අවම ගාස්තු ලබාදීමට මෙම ව්‍යාපෘතිය මඟින් පොරොන්දු වී තිබෙනවා.

මේ අතර අදානිගේ මෙම ආයෝජනය අහිමි වුවහොත් අනාගත ජාත්‍යන්තර ආයෝජකයින් ශ්‍රී ලංකාව මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ශක්‍ය වෙළෙඳපොළක් ලෙස සැලකීමෙන් වැළකී සිටීමේ අවදානමක් ද පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
18
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?