මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක් – පොලිසියට මාර්ගෝපදේශ මාලාවක්

ජනාධිපතිවරණයේ දී පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සිදුකරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

මේ අතර නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා පොලිස් නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් සඳහා මාර්ගෝපදේශ මාලාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ නිකුත් කිරීමටයි කටයුතු කර තිබුණා.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සිදුකරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන්වන පැමිණිලි ඉදිරිපත් කිරීමට විශේෂිත දුරකථන අංකයක් සහ ෆැක්ස් අංකයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මඟින් හඳුන්වා දී තිබෙනවා.

ඒ, අනුව 076 7914696 යන දුරකතන අංකයට හෝ 0112 505566 යන ෆැක්ස් අංකයට එම පැමිණිලි ඉදිරිපත් කළ යුතු බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර පොලිස් නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් සඳහා මාර්ගෝපදේශ මාලාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත්කර තිබෙනවා.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා මෙම විශේෂ මාර්ගෝපදේශ මාලාව නිකුත් කිරීමට පියවර ගත් බවයි එම කොමිෂන් සභාව පැවසුවේ.

මැතිවරණය පැවැත්වෙන කාල සීමාවේදී සහ මැතිවරණය අවසන් වූ කාලසිමාවේ දී මෙම මාර්ගෝපදේශ සියලුම පොලිස් නිලධාරීන් පිළිපැදිය යුතු වනවා.

මේ අතර මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් පෞද්ගලික අංශයේ සේවකයින්ට සිකුරාදා දිනයේ දී නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් වන යෝජනාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?