මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක් – පොලිසියට මාර්ගෝපදේශ මාලාවක්

ජනාධිපතිවරණයේ දී පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සිදුකරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

මේ අතර නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා පොලිස් නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් සඳහා මාර්ගෝපදේශ මාලාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ නිකුත් කිරීමටයි කටයුතු කර තිබුණා.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සිදුකරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන්වන පැමිණිලි ඉදිරිපත් කිරීමට විශේෂිත දුරකථන අංකයක් සහ ෆැක්ස් අංකයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මඟින් හඳුන්වා දී තිබෙනවා.

ඒ, අනුව 076 7914696 යන දුරකතන අංකයට හෝ 0112 505566 යන ෆැක්ස් අංකයට එම පැමිණිලි ඉදිරිපත් කළ යුතු බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර පොලිස් නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් සඳහා මාර්ගෝපදේශ මාලාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත්කර තිබෙනවා.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා මෙම විශේෂ මාර්ගෝපදේශ මාලාව නිකුත් කිරීමට පියවර ගත් බවයි එම කොමිෂන් සභාව පැවසුවේ.

මැතිවරණය පැවැත්වෙන කාල සීමාවේදී සහ මැතිවරණය අවසන් වූ කාලසිමාවේ දී මෙම මාර්ගෝපදේශ සියලුම පොලිස් නිලධාරීන් පිළිපැදිය යුතු වනවා.

මේ අතර මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් පෞද්ගලික අංශයේ සේවකයින්ට සිකුරාදා දිනයේ දී නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් වන යෝජනාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12